ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් මිලදී ගැනීමේ ගිවිසුම පසුගියදා අත්සන් කරන ලදී. ලංකා නැව් සංස්ථාවේ සභාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ අන්තර්ජාතික බීජිං සමාගමේ සහකාර සභාපතිනී චෙන් ෂියැන්හොන් මහත්මිය විසින් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.
මිලදී ගනු ලබන එක් නෞකාවක් මෙට්‍රික් ටොන් 63,600 ක ධාරිතාවකින් යුතු අතර, එමගින් ප්‍රධාන වශයෙන් ගල් අඟුරු බලාගාර සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව පැවසෙයි. මීට අමතරව නාවික ඉංජිනේරු ශිල්පය හදාරණ සිසුන් පුහුණු කිරීමටද මෙමගින් අපේක්ෂා කෙරෙන බව ශ්‍රී ලංකා නැව් සංස්ථාව පවසයි.