රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රක්නා ආරක්ෂක ලංකා සමාගම සඳහා නව මූලස්ථාන ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල් තැබීම පසුගියදා කොළඹ 04, පිලිප් ගුණවර්ධන මාවතේ අංක 131 දරන ස්ථානයේදී රාජජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුවිය.
ඉදිකිරීමට යෝජිත මහල් දොළහකින් යුතු නවීන පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ලට මුල්ගල් තැබුනේ රක්නා ලංකා සමාගමේ 7 වැනි සංවත්සරයට සමගාමීව බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.