මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් 2014 මාර්තු මාසය තුළ අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. බැංකු සහ බැංකු නොවන ආයතන කිහිපයක්ම මේ වනවිටත් ඒකාබද්ධවීම්, අත්පත් කරගැනීම් සඳහා ගැළපෙන පාර්ශ්ව හඳුනාගෙන ඇති අතර, එම ආයතන පිළිබඳ අභ්‍යන්තර ඇගයීම් සිදුකරමින් සිටින බවද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සහ මූල්‍ය සමාගම් කිහිපයක් අතර සිදුවිය හැකි ඇතැම් ඒකාබද්ධවීමේ කටයුතු සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති බව පවසයි. මේ අතර, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී. සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඔවුන්ගේ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බවද පෙන්වා දෙයි.
මෙම ආයතනවල යථා තත්ත්ව පරීක්ෂණ හා තක්සේරුකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන ඔවුන්ගේ වාර්තාවන් පිළියෙල කරමින් සිටින බවද පවසයි. එම කටයුතු නිසි කාලයට නිම කිරීම තහවුරු කිරීමට යථා තත්ත්ව පරීක්ෂණ හා තක්සේරුකරණ ක්‍රියාවලියට අදාළව මතුවන කරුණු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව එම විගණන ආයතන සමග අඛණ්ඩව සම්බන්ධීකරණය කරන ලද බවද පෙන්වා දෙයි.
මේ අතර ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට නව ප්රාග්ධනය එක්කිරීමට උපක්රමික ආයෝජකයන් කිහිප දෙනෙකුම තම කැමැත්ත පළ කර ඇති බවත්, එවැනි ආයෝජන එම ආයතනවල ශේෂපත්රයන් ශක්තිමත් කරන අතරම එම ආයතනවලට තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි උපක්රමික ආයෝජන සඳහාද ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව, ඒකාබද්ධකරණ ක්‍රියාවලියට සම්බන්ධිත කොටස්කරුවන් සියලු දෙනා සමග සමීප සංවාදයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලද බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ විවිධ සාකච්ඡා මණ්ඩපවලට සහභාගීවෙමින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාළ විවිධ කරුණුවලට පැහැදිලි කිරීම් ලබාදෙන ලද බවත් පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිටත් පත්කර ඇති 2014 මාර්තු 31 දින කාල රාමුවට අනුකූල වෙමින් බැංකු සහ බැංකු නොවන ආයතන, ඒකාබද්ධ වීම හා මෙරට ආර්ථික කටයුතුවලට වැඩි වැඩියෙන් සම්බන්ධවීම පිළිබඳ තම පුළුල් යෝජනා භාරදීම පසුගිය දින කිහිපය තුළ ආරම්භ කර ඇති බවද පෙන්වා දෙයි. මෙම යෝජනා ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාලෝචනය කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව සුදුසු ප්රතිචාරයන් ලබාදෙනු ඇති බවද කියැවෙයි.