ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට තම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වී ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට විශිෂ්ට සේවයක් ලබාදීම සඳහා යොදාගත හැකි හොඳම යාන්ත්‍රණය වෙළෙඳ පොළ තරගකාරීත්වය බවයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ පවසා සිටියේ අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඉදිකළ හැටන් නැෂනල් බැංකුවේ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට 27දා පෙරවරුවේ එක්වෙමිනි.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනෙවිය, හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.