පෙබරවාරි මාසය තුළදී මුල් වතාවට පිරිවැටුම රු.බිලියනයට පහළ මට්ටමක රැඳුනු ප්‍රථම දිනය කොටස් වෙළෙඳ පොළ තුළ ඊයේ වාර්තා කළේය.
දිනයේ සමස්ත මිල දර්ශකය 6,084.48 ක් ලෙස වාර්තා වූයේ, ඊට පෙර දිනයේ පැවති 6,113.15 ක අගයට වඩා 0.47% ක් පහළ යමිනි.
එමෙන්ම, S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 3,337.02 ක් ලෙස වාර්තා වූයේ, ඊට පෙර දිනයේ පැවති 3,449.35 ක අගයට වඩා 0.37% ක් පහළ යමිනි.
විවිධාංගීකරණ අංශය දිනයේ පිරිවැටුමේ මූලිකත්වය දැරූ අතර එම අංශයේ දර්ශකය 0.03% කින් පහළ වැටුණි.
බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය දෙවැනි ඉහළ දායකත්වය පිරිවැටුමට ලබාදෙන ලදී.