මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රු.කෝටි 273.2ක මුදලක් වෙන්කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටියේය.
මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවති රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවමින්, එක ගමකට එක වැඩක්, ගම නැගුම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, පළාත් නැගුම, දිවි නැගුම ජීවනෝපාය සංවර්ධනය, පුරං කුඹුරු අස්වැද්දීම, වනජිවී සංරක්ෂණ සහ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, විමධ්‍යගත අරමුදල් වශයෙන් සෑම ක්ෂේත්රයකම සංවර්ධන කටයුතු සඳහා මෙම මුදල් වෙන්කර ඇති බව පැවසෙයි.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකයෝ සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.