මහා භාණ්ඩාගාරයේ කටයුතු සඳහා ප්‍රමාණවත් කාර්යාල ඉඩපහසුකම් සපුරාගැනීම සඳහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මහා භාණ්ඩාගාර පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති මහල් පහකින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ඊයේ (9දා) භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරැන් වන ආචාර්ය බී.එම්.එස්. බටගොඩ හා එස්.ආර්. ආටිගල යන මහත්වරැන් විසින් සිදුකරන ලදී.
රාජ්‍ය ඉංජිනේරැ සංස්ථාවේ උපදේශකත්වය යටතේ ඉදිකරනු ලබන නව ගොඩනැගිල්ල වර්ග මීටර් 4,497 කින් යුක්ත වේ. වැඩකරන දින 630 ක් ඇතුලත ඉදිකිරීම් නිමකිරීමට යෝජිත මෙම නව ගොඩනැගිල්ල නිමකිරීමෙන් අනතුරැව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවල කටයුතු වඩාත් කාර්යක්ෂම කෙරෙනු ඇති බවද අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.