පෞද්ගලික අංශයේ ණය වර්ධනය බලාපොරොත්තු වූ මට්ටම අභිභවා යෑමත්, ස්ථාවර ගේවුම් ශේෂයක් මෙන්ම, 2016 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 5 මට්ටමේ තබා ගැනීමටත්, උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමත් ආදී වූ කරුණු මූලික කරගනිමින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
මහ බැංකුව විසින් ජූලි මස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමට 29 වැනිදා උදෑසන මහ බංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සිටියේය.
2016 ජූලි මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.5 සිට සියයට 7 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 8 සිට සියයට 8.5 දක්වාත් පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 28 වැනිදා පියවර ගනු ලැබීය.