කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතනයක් වන මරදාන තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය පසුගිය 26 දා එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මරදාන තාක්ෂණ විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ පවත්නා සියලු තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙයි.
මරදාන තාක්ෂණ විද්‍යාලයේ අධ්යක්ෂතුමන් වන කේ.ටී. ජයතිලක මහතා අතින් විවෘත වූ තොරතුරු තාක්ෂණ දිනය සඳහා පාසල් සිසුන් සමගින් මෙම ක්ෂේත්රය පිළිබඳ ඇල්මක් දක්වන විශාල පිරිසක් සහභාගී වී තිබේ.