විදුලිබල උත්පාදනය සඳහා භූ තාප ශක්ති නිෂ්පාදනය කිරීමෙහිලා නවසීලන්තය සතු විශිෂ්ට තාක්ෂණය පිළිබඳව පුළුල් විමර්ශණයක යෙදීමටත්, කිරි නිෂ්පාදන ක්ෂේත්රය සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමටත් අදහස් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ නවසීලන්තයේ විදේශ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මුරේ මැක්කියුලි මහතා සමග ඔක්ලන්ඩ් හි පසුගියදා පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවන් අතරතුරදීය.
ශ්‍රී ලංකාව බලශක්ති සම්පත් විවිධාංගීකරණය කොට ෆොසිල ඉන්ධන මත අඩුවෙන් යැපීමට අපේක්ෂා කරන හෙයින්, විදුලිබල උත්පාදනය සඳහා භූ තාප ශක්ති නිෂ්පාදනය කිරීමෙහිලා නවසීලන්තය සතු විශිෂ්ට තාක්ෂණය පිළිබඳව පුළුල් විමර්ශණයක යෙදීම ඵලදායී පාර්ශ්වකාරීත්වයක් ඇති කළ හැකි එක් විකල්පයක් විය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, කිරි නිෂ්පාදන සංවර්ධනයේදී එරට උසස්ම හා නවතම තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට නවසීලන්තය ඉතා කැමැත්නේ පසුවන බව අමාත්‍ය මැක්කියුලි මහතා ප්‍රකාශ කළ අතර, සත්ව පාලනය, ආහාර ආරක්ෂණය, කිරි නිෂ්පාදනවලට අදාල වන ජාත්‍යන්තර ප්රමිතීන් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වෘත්තිකයන් හුවමාරු කිරීම ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් පාර්ශ්වකාරීත්වය වර්ධනය කිරීමටද දෙරට එකඟත්වයකට පැමිණියහ.