ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික අරමුණ වන්නේ ගොවියට, වගාකරුවට, නිෂ්පාදකයට මෙන්ම අපනයනකරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වූ ‘ප්‍රයිම් එක්ස්පෝ 2016‘ අපනයන කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය 29 වැනිදා ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජූලි 29,30 සහ 31 තෙදින පුරා පැවති ප්‍රයිම් එක්ස්පෝ 2016 ප්‍රදර්ශනයේ දී අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් නව නිෂ්පාදන හා සොයාගැනීම් ප්‍රදර්ශනය කර තිබිණි.
මෙහිදී අපනයන කෘෂි බෝග වගාකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
![](http://editorial.ada.lk/wp-content/uploads/file/1_Daya Gamage.jpg)