2014 වසර තුළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය උදෙසා දැවැන්ත වැඩසටහනක් ලොව පුරා ක්‍රියාත්මක කෙරෙන බව සංචාරක මණ්ඩලය පවසයි. එම ප්‍රවර්ධන වැඩසටහන දැනටමත් සැලසුම් කොට ඇති බවත්, එහි අරමුණ 2016 වසරේදී සංචාරකයන් විසිපන් ලක්ෂයක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම බවත් කියැවෙයි. මේ අතර නැගී එන වෙළෙඳ පොළවලට පිවිස එම රටවලින් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීමට ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහන්වලින්ද සාර්ථක ප්‍රතිඵල අත්වෙමින් පවතින බවද සංචාරක මණ්ඩලය පවසයි.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ උපදෙස් මත එය මෙහෙයවන ලද බවත්, චීනය , රුසියාව, ඉන්දියාව සහ යුක්රේනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ජනවාරි මාසයේ පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් කියැවෙයි.