උදා වූ සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 15 වැනිදා තංගල්ල මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ගොස් ගනුදෙනු කිරීමේ චාරිත්‍රවල නිරත විය.
පළමුව තංගල්ල මහජ න බැංකුව වෙත ගිය ජනාධිපතිවරයා එහි මුල්ම තැන්පතුව සිදුකළ අතර, නව වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ණය මුදල් ප්රදානය කිරීමටද එක්විය.
ඉන් අනතුරව ජනාධිපතිවරයා ගියේ තංගල්ල ලංකා බැංකුව වෙතයි. එහිදීද පළමු තැන්පතුව සිදුකළ ජනාධිපතිවරයා රන් කැකුලු ගිණුම් සඳහා තිලිණ ප්රදානය කිරීමට එක් විය.
එමෙන්ම, තංගල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතද ගිය ජනාධිපතිවරයා එහි පළමු තැන්පතුව සිදු කරමින් හපන් ගිණුම් සඳහා තිලිණ ප්රදානය කළේය.