දිවයින පුරා සිදුකෙරෙන වාරිමාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු බව රජයේ ප්රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසයි.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් අයිවන් ද සිල්වා මහත්වරුන් ඇතුළු නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.