2014 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල නව නැණසල මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නව නැණසල මධ්‍යස්ථාන 5ක් ජනතා අයිතියට පැවරීම විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
දිවයින පුරා මේ වනවිට ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 746 කි.