2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීම සහ එයට දායක වූ පාර්ශ්වයන් ඇගයීමත්, 2015 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳ විමසා බැලීමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ ජයග්‍රාහී ආයතනවලට සම්මාන සහ සහතිකපත් ප්රදානය මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, එහිදී සම්මාන බෙදී ගියේ මේ ආකාරයෙනි.
හොඳම ප්‍රදර්ශන කුටියට හිමි සම්මානය පොල් සංවර්ධන අමාත්‍යාංශයට හිමිවිය.
එහි දෙවැනි ස්ථානය නාවික හමුදාවටත්, තෙවැනි ස්ථානය යුද හමුදාවටත් හිමිවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් අමාත්‍යවරුන් ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්වූහ.