දැයට කිරුළ 2014 ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 573 පවත්වන ලද දැයට කිරුළ ජංගම සේවා මගින් නොවිසිඳුනු ගැටළුවලට විසඳුමක් ලබාදීම සඳහා මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පවත්වන දැයට කිරුළ ජංගම සේවා වැසටහනේ දෙවැනි අදියර ජනවාරි 17වැනිදා අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කෑගල්ලේදී ඇරඹෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ජූලි 01වැනිදා ආරම්භවූ දැයට කිරුළ ජංගම සේවා වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවත්වන ලද ජංගම සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව 573 ක් බව පැවසෙයි. මෙම ජංගම හමුවලට 183,203ක ජනතාවක් සහභාගිවූ අතර ඊට සම්පත්දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 9,714ක් බවද,ජංගම සේවාවන්හිදී නොමිලේ ලබාදුන් උපකරණ සංඛ්‍යාව 2,545ක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම ජංගම සේවාවන්ට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ විවිධ ගැටළු 237,841ක් ඉදිරිපත් වී, ඉන් 15% කට එම මොහොතේදීම විසඳුම් ලබාදුන් බවත්, ගැටළුවලින් 37% කට සති කිහිපයකින් විසඳුම් ලබාදීමට හැකිවූ බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත වනිගසිංහ මහතා පෙන්වාදී තිබේ.
සෙසු ගැටළු විසඳීම මැතිවරණ කොට්ඨාශ මට්ටමින් ජනවාරි 17වැනිදා ආරම්භ වන බවත්, ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, මාවනැල්ල, රඹුක්කන, කෑගල්ල, ගලිගමුව, දැදිගම, දැරණියගල, යටියන්තොට සහ රැවන්වැල්ල යන මැතිවරණ කොට්ඨාශයන්හිදී අමාත්‍යාංශ ලේකම්වරැන් සහ එහි ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඒවා පැවැත්වෙන බවත් කියැවෙයි.