දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට එරට රජය මගින් විශේෂ ඇගයීම් සම්මානයක් පසුගියදා පිරිනමා තිබේ.
එරට වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධනය, ආරක්ෂාව, ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම හා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණය සඳහා මැදිහත්වීම යන කරුණු සලකා මෙම සම්මානය පිරිනමා තිබේ.
අදාළ සම්මානය දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සල් ඩී.ඩී.පී. සේනානායක මහතා වෙත එරට පරිපාලන හා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිරිනමන ලදී.
දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000 - 26,000 ක් අතර පිරිසක් සේවය කරති.