‘නිපුණ ශ්‍රී ලංකා’ නමින් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියාවලියක් මහින්ද චින්තන වැඩපිළිවෙළත් සමඟ දැනටමත් සැලසුම් කර තිබෙන අතර ඊට මේ වනවිටත් කැබිනට් අනුමැතිය ලැබි ඇති බවත්, දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ග්‍රාමීය මට්ටමින්ද මෙම නිපුණ මධ්‍යස්ථාන ඇති කිරීම ප්‍රධාන අරමුණක් බවත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා විවාදයට ගත් අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරනලද යෝජනාවකට පිළිතුරු වශයෙනි.
ගම තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමත් මෙහි එක් අරමුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙම තොරතුරු මධස්ථානවල තොරතුරු ආරක්ෂා කිරීමේ අයිතිය සර්ට් නම් ආයතනයකට ලබා දී ඇති අතර, ICTA ආයතනය සමග ඒකාබද්ධ වෙමින් මෙම තොරතුරු මධ්‍යස්ථාන විධිමත්ව පවත්වාගෙන යාමටත් සියලුම රාජ්‍ය ආයතන පරිගණකගත කිරීමටත් සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
1919 ඔස්සේ සියලු රාජ්‍ය ආයතන තොරතුරු ලබාගත හැකි බවත්, මෙම ‘නිපුණ ශ්‍රී ලංකා’ වැඩසටහන මීළඟ අයවැයත් සමග හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.