ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරු ලෙස 23 දෙනෙකුට පත්වීම් ලබාදිම අද (28දා) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
1957 ඔක්තෝබර් මස ඇරඹුණු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක් රටපුරා පිහිටා තිබේ.
ගොවිජන පනතට අදාල ක්‍රියාකාරකම්, ගොවින් ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය, පුරං කුඹුරු අස්වැද්දීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වැනි වැඩසටහන් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සේවක පිරිස 12,000කට ආසන්නය.