කොටස් වෙළෙඳ පොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව විසින් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. එම වැඩසටහන් සඳහා රට පුරා පුළුල් සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයකි. ඒ අනුව, ඉන් තවත් වැඩසටහන් රත්නපුර, කුරුණෑගල, අම්බලන්තොට, අනුරාධපුර, මහනුවර සහ කොළඹ යන ශාඛාවන්හිදී මාර්තු මස 22, 23 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතය.
සිංහල මාධ්‍යයෙන් සහ අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වීම තුළින් නවකයන්ට ආයෝජන ඇරඹීම සහ කොටස් වෙළෙඳ පොළෙහි උපරීම ප්රතිලාභයන් ළඟා කර ගැනීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත් මෙය අනගි අවස්ථාවක් වනු ඇති බව ඔවුහු පවසති.
වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් සහ පහත සඳහන් දුරකථන ඇමතීමෙන් ලබාගත හැකිය. රත්නපුර - 045-2232388 / 077-1737353, කුරුණෑගල - 037-4691802/4, 077-3060173, අම්බලන්තොට - 047-2225462 / 071-6273432, අනුරාධපුර - 025-2235244 / 077-7820546, මහනුවර - 081-4474409 / 077-3469466, කොළඹ - 011-2356517/514, 011-2356512.