යුද්ධයෙන් විනාශයට පත්වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසායන් සියල්ල මේ වනවිට ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ කිලිනොච්චි දිසාපති කාර්යාලයේ පැවති දිවි නැගුම වැඩපිළිවෙල යටතේ පුහුණුව ලැබූ නව කර්මාන්ත කරුවන්ට අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
එදින තල් ආශ්රිත කර්මාන්තකරුවන් 98කටත්, කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් වෙනත් කර්මාන්ත සඳහා පුහුණුව ලබාදුන් 33 දෙනෙකු ඇතුළු විශාල පිරිසකට සිය කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා ඒවායින් නිසි ප්‍රයෝජන ගෙන සිය ජීවනෝපාය සංවර්ධනය කරගන්නා ලෙස උපදෙස් දුන්නේය.
විශේෂයෙන් මෙම උපකරණවලින් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ ඉහළ තත්ත්වයෙන් නවීකරණය කරනලද භාණ්ඩ වශයෙන් ඉතා අලංකාර ලෙස නිෂ්පාදනය කරන ලෙසත්, එසේ කළහොත් හොඳ වෙළෙඳ පොළක් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා සිය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසද කර්මාන්ත කරුවන්ට උපදෙස් දුන්නේය.