කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයන වියදම් පෙර වසරට සාපේක්ෂව 2014 දී රු.බිලියන 44 දක්වා 18%කින් ඉහළ ගොස් ඇති බව ලංකා වාණිජ මණ්ඩලයේ නවතම වාර්තාවක් දක්වයි.
කෙසේ වෙතත්, එම භාණ්ඩ ආනයන සංයුතියේ වැඩිවීම 3% කින් පමණක් සිදුව ඇති අතර, ඒ අනුව, කිලෝ ග්රෑම් මිලියන 71ක ආනයන 2014 දී සිදුකර ඇත.
ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ ආනයනික භාණ්ඩවල මිල ගණන් වැඩිවීම මෙසේ කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදනවල ආනයන වියදම් වැඩිවීමට හේතු වී ඇති බවයි.