2016 ජූලි 11 ගැසට් පත්‍රයෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්රත්පත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරාය වශයෙන් කර ඇති නියෝගයට අනුව මෙය ක්‍රියාත්මක වන බවද එම කාර්යාලය පවසයි.
ඒ අනුව, දුප්පත් ජනතාවගේ වැඩි කොටසකට, ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී යම් පාලන තන්ත්රයකට යටත් වන්නේ පළමු වැනි වතාවට බවද පෙන්වා දෙයි.
මෙය ඓතිහාසික අවස්ථාවක් බවත්, නෛතික රාමුවක් නොතිබූ නිසා ක්ෂුද්‍ර ණය මුවාවෙන් සක්විති, දඬුවම් මුදලාලි වැනි කූඨ ව්‍යාපාරිකයන් බිහි වීම තුළින් අසරණ ජනතාව මුලා වී තබුණු බවත්, මින් පසු මෙවැනි අක්රමිකතාවලට ඉඩක් නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.