මූලික සංවර්ධන ගැටලු සහ සංවර්ධන සහාය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාඑක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්හවුලියැන්ග් සූ මහතා පෙබරවාරි 9 සිට 12 වැනිදින දක්වා ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
සහකාර මහ ලේකම්වරයාගේ සංචාරයේ අරමුණු රැසක් පවතින අතර, ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආධාර රාමුව (UNDAF) 2013 - 2017 මුල් වසරේදී අත්කර ගත් සාර්ථකත්වය අවබෝධ කර ගැනීම, ශ්රී ලංකාව වැඩි වශයෙන්ම මානුෂිකවාදී ආධාරවල සිට සංවර්ධනය කෙරෙහි යොමු වූ වැඩසටහන් දක්වා පරිවර්තනයවීම සහ විශේෂයෙන්ම ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන්වලට කෙරෙන එක්සත් ජාතීන්ගේ අනාගත සංවර්ධන සහායේ අනාගත ගමන් මග නිශ්චය කිරීමද ඇතුළත්ය.