ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති 2014 ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාප සහකාර නියෝජ්‍ය ලේකම් රොබට් ඩෝනර් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සැසිවාරය අතරතුරදී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් චීන රජයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය යැඕබින් ෂී මහතා සමගද සාකච්ඡා පවත්වා ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
2014 ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයට සහභාගි වූ අමාත්‍යවරයා අද (17දා) දිවයිනට පැමිණියේය.