ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතාව හා සම්බන්ධ මූල්‍ය නියාමකයන් පුහුණු කිරීමේ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිව්වැනි වරටත් සාර්ථකව පැවැත්වීය.
මීට පෙර පවත්වන ලද සම්මන්ත්රණ අතර අවදානම් කළමනාකරණය, ව්‍යුත්පන්න සුරැකුම්පත් වෙළෙඳ පොළ සංවර්ධනය සහ වෙළෙඳ පොළ අතරමැදියන් අධීක්ෂණය හා අවේක්ෂණය කිරීම අන්තර්ගත විය. ඒ අනුව මෙම වසරේ පවත්වන ලද සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ තක්සේරු කිරීම්, සැලසුම් කිරීම් හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ බලාත්මක කිරීම් මැයෙන් වූ අතර එය මේ මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සිමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
වසර 5ක පමණ නියාමන ක්‍රියාකාරකම් පිළිබඳ පලපුරුද්ද ඇති අයවලුන් සඳහා විශේෂයෙන් සැකසුණු මෙම සම්මන්ත්‍රණය චෝදනා සඳහා දඩ නියම කිරීම, විමර්ශන උපාය මාර්ග, විධික්රම, සැලසුම් සහ සම්මුඛ පරීක්ෂණ ආකෘති සඳහා අදාළ වන්නාවූ ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති හා රිතීවල නවතම ප්‍රවණතාවයන්ද ඇතුළත් විය. සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය පසුගියදා (17දා) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් සිදු කරනු ලැබූ අතර, ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතාව සම්බන්ධ කලාපීය පුහුණු වැඩසටහන හා සම්බන්ධ ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ සහකාර නිලධාරිනී සූ ජෙෆ්රි මහත්මියද සම්න්ත්‍රණය අමතන ලදී.
කලාපීය මූල්‍ය නියාමකයන්ට ජාතික හා කලාපීය මට්ටමින් පුහුණු අවස්ථා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මූල්‍ය නියාමකයන් පුහුණු කිරීමේ වැඩසටහන දියත් කිරීම ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතාව හා සම්බන්ධ මුදල් අමාත්‍යවරුන් විසින් අනුමත කර ඇත. මෙම කලාපීය පුහුණු වැඩසටහන මගින් මූල්‍ය අධීක්ෂණ ආයතන, නියාමන ආයතන, කොටස් හා ව්‍යුත්පන්න හුවමාරු වෙළෙඳ පොළ හා සම්බන්ධ කනිෂ්ඨ හා මධ්‍යම මට්ටමේ නිලධාරීන් සඳහා ශක්තිමත් කාර්යක්ෂම හා අඩු වියදම් සහිත පුහුණු සැලැස්මක් සපයනු ලබයි.
මෙම සම්මන්ත්‍රණය මගින් පුළුල් පරාසයක් සහිත මාතෘකා ගණනාවක් ආවරණය කෙරිණි. උදාහරණ වශයෙන් විමර්ශන සැලැස්මක් සකස් කිරීම, සාක්ෂිකරුවන් හා සැකකරුවන් හා සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, වෙළෙඳ පොළ නොමඟ යැවීම් හා විමර්ශන සැලසුම් ආදිය එහි අන්තර්ගත විය.
මෙම සම්මන්ත්‍රණය සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යන දේශීය නියාමන ආයතන නියෝජනය කරන නිලධාරීන් හා මැලේසියාව, නේපාලය, තායිවානය, ඉන්දියාව, පිලිපීනය, තායිපෙයි, තායිලන්තය, චීනය, කාම්බෝජය හා බෘනායි යන කලාපීය රටවල් වන නියාමන ආයතන නියෝජනය කරන නිලධාරීහුද සහභාගීවූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා දායකත්වය සැපයූ සම්පත් දායකයන් අතර ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් කොමිසම් වෙළෙඳ පොළ බලාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන ඩේවිඩ් වොට්සන්, ඩුබායි මූල්‍යසේවා අධිකාරියේ බලාතම්ක අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ස්ටෙෆන් ග්ලීන් සහ එක්සත් ජනපදයේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සභිකයෙකු වන කාලෝස් කොස්තා රොඩ්රිගෝ යන මහත්වරු ඇතුළත් වූහ.
සම්මන්ත්‍රණයේ අවසානයේදී සමාප්ත කිරීමේ දේශනය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආයතන ප්‍රධානී සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා මහතා විසින් සිදුකරනු ලැබූ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජන සහ ආයතන ප්‍රධානී අහ්සාන් ත්යාබ් මහතාද සම්මන්ත්‍රණය ඇමතීය.