EUNIC SRILANKA සහ Cinnamon Hotels & Resorts සහසම්බන්ධයෙන් Cinnamon Colomboscope හෙවත්, නූතන හා විවිධ ක්ෂේත්රීය කලා උලෙළ සිවුවැනි වතාවටත් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. Testing Grounds: Art and Digital Cultures in South Asia and Europe (දකුණු ආසියාවේ සහ යුරෝපයේ කලා හා ඩිජිටල් සංස්කෘතීන් හි පිරික්සුම් භූමිය) යන තේමාවෙන් යුතුව මෙම උලෙළ අගෝස්තු 25 සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ව්‍යාපාරික පරිසරයක් කරා මෙහෙයවෙමින් ගෝලීයකරණය වන ලොව තුළ තම අනාගතය පිළිබඳව නැවත සිතා බලන අවස්ථාවක ඩිජිටල් තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ඉතා වැදගත් භූමිකාවක නිරතව සිටී. අනෙකුත් සියලු ක්ෂේත්‍ර සේම කලාවද ඩිජිටල්කරණය විසින් ගෙන එනු ලබන වෙනස්කම් සඳහා මුහුණපෑ යුතු වේ. මෙය සැලකිල්ලට ගෙන මෙම වසරේ Cinnamon Colomboscope තුළින් ශ්‍රී ලංකාවේ නූතන කලාව හා ඩිජිටල් තාක්ෂණයයේ සබඳතාවය සඳහා 'පිරික්සුම් භූමියක් ’ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම උලෙළ පැවැත්වෙන ප්‍රධාන භූමිය වන්නේ 1895 ඉදිකරන ලද, දැනට වසර 20කින් පමණ භාවිතයට නොගත් යටත්විජිතවාදී සමයේ මූර්තිමත් ගොඩනැගිල්ලක් වූ කොළඹ කොටුවේ පිහිටි 'මහ තැපැල් කාර්යාල’ ගොඩනැගිල්ලය. උලෙළ සඳහා සහභාගීවන්නන්ට කලා කෘති පමණක් නොව විවිධ ශ්‍රව්‍ය දෘෂ්‍ය කලා අත්දැකීම්ද සහිත නවමු අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම වසරේ වැඩසටහන සඳහා 50කට අධික ශ්‍රී ලාංකේය හා ජාත්‍යන්තර කලාකරුවන් පිරිසක් තම දායකත්වය සපයන අතර, ඊට අමතරව පර්යේෂණ චිත්‍රපට තිරගත කිරීම්, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ඉදිරිපත් කිරීම් මෙන්ම ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි ඔන්ලයින් ප්රදර්ශනයක්ද ඇතුළත් වේ. වැඩමුළු හා ප්‍රසිද්ධ සංවාද පෙළක් තුළින් මෙම උලෙළේදී ශ්‍රී ලාංකේය හා විදෙස් කලාකරුවන්, දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණ විශේෂඥයන් හා ප්‍රේක්ෂක ජනයා අතර දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවද සලසා ඇත.
Cinnamon Colomboscope 2016, ලොව පුරා ජාත්‍යන්තර කලා උලෙළ හා ප්‍රදර්ශන රැසක් මෙහෙයවූ මාධ්‍ය කලා ක්ෂේත්රයේ විශේෂඥයකු වන සුසෑන් ජැස්චොකො විසින් මෙහෙය වනු ලැබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුසෑන් පවසා සිටියේ, Testing grounds සොබාදහම පිළිබඳ අත්දැකීම් පාදක කොටගත් ප්‍රභේදාත්මක වශයෙන් ඉතා පොහොසත් උලෙළක්. බොහෝ දේශීය හා දකුණු ආසියාතික කලාකරුවන්ට ඉලෙක්ට්‍රොනික් හා ඩිජිටල් මාධ්‍ය සමග කටයුතු කිරීම නවීන මෙන්ම නුහුරු අත්දැකීමක් බවට පත්ව තිබෙනවා. නමුත් යුරෝපීය කලාකරුවන් මේ නව මාධ්‍ය සමග කටයුතු කරන්නේ වසර 25කටත් වැඩි කාලයක සිටයි. Cinnamon Colomboscope මගින් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්විය යුතු දත්ත පෞද්ගලිකත්වය හා අයිතිය පිළිබඳ ගැටලුවලදී ඩිජිටල් තාක්ෂණය අප සමාජයට හා සංස්කෘතීන්ට බලපාන ආකාරය පිළිබඳ දැනුමක් ලබාදීමට සමත්වනු ඇති” යනුවෙනි.
2012 දී හඳුන්වා දෙනු ලැබූ Cinnamon Colomboscope වසරක් පාසා නව මෙහෙයවන්නෙකු සමගින් විකසනය වෙමින් හා ස්වරූපය වෙනස්වෙමින් ආ උලෙළක් ලෙස හැඳින්වෙයි.
Cinnamon Hotels & Resorts, Cinnamon Colomboscope හි ප්‍රධාන අනුග්‍රාහකයා වන අතර මෙම උලෙළ Goethe-Institute, British Council සහ Alliance Française de Kotte සමග එක්ව EUNIC Sri Lanka විසින් සංවිධානය කරනු ලබයි. මීට අමතරව මෙම උලෙළ සඳහා ජෝන් කීල්ස් පදනම, Cinnamon Life, Art TV, ස්විස් තානාපති කාර්යාලය, නෙදර්ලන්තය තානාපති කාර්යාලය, තුර්කි තානාපති කාර්යාලය, ජර්මන් තානාපති කාර්යාලය, ටෙහෙරාන් තානාපති කාර්යාලය සහ කිව්බෙක් විශ්වවිද්‍යාලය යන ආයතනද සිය දායකත්වය සපයනු ලබයි. උලෙළ පැවැත්වීමේ භූමි අනුග්‍රහය ලබාදෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවයි.