කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ (CIMA ශ්‍රී ලංකා) 2016 වසරේ අධ්යක්ෂ මඬුල්ලේ සභාපති ධුරයට මංජුල ද සිල්වා මහතා පත්කරන ලදී.
2016 ජනවාරි මස 19 වැනි දින පවත්වන ලද නිලාරම්භක උත්සවයයේදී මෙම පත්කිරීම සිදුකළේය.කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා බී.ඒ.ගෞරව උපාධියක්ද, බ්‍රිතාන්‍යයේ London School of Economics වෙතින් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක්ද හිමි මංජුල මහතා, ප්‍රංශයේ INSEAD Business School සහ ඇමෙරිකාවේ Harvard Business School වෙතින් විධායක අධ්‍යාපනය හදාරා ඇත.
2004 වසරේදී HNB Assurance ආයතනයේ ප්‍රධාන විධායක ලෙස බැඳුණු ඔහු 2006 මාර්තු සිට 2015 මාර්තු දක්වා එම ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කරනලද අතර, 2015 අප්‍රේල් මස සිට රජය සතු ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ (NITF) සභාපති ලෙස නව පදවියක කටයුතු අරඹන ලදී. ඔහු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකුද වන අතර මෑතක් වන තුරු එහි රක්ෂණය සම්බන්ධ මෙහෙයුම් කමිටුවේ සභාපතීත්වයද දැරීය.