ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මෙරට වඩාත් උත්කර්ෂවත් ආයතනික ඉසව්වක් වන 52 වැනි 'වාර්ෂික වාර්තා සම්මාන' තරගාවලිය සඳහා ඉල්ලුම්පත් භාරගැනීම එළැඹෙන සැප්තැම්බර් 09 වැනිදායින් අවසන් වන බව එම ආයතනය නිවේදනය කරයි.
විශාල මෙන්ම කුඩා ආයතනවලද විනිවිදභාවය, විශිෂ්ට ආයතනික පාලනය හා සමාජ වගකීම් ආදිය ප්‍රවර්ධනය කෙරෙන ඉතා වැදගත් මිනුම් ලකුණක් ලෙස සැලකෙන මෙම තරගාවලියේ මෙවර තේමාව වී ඇත්තේ 'නිවැරදි ආදර්ශයක් වීම' යන්නයි.
දශක 5 ක කාලයක් පුරා දිවෙන ඉතිහාසයක් තුළ වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය මගින් ලොව විශිෂ්ට භාවිතයන් හා ගැළපෙන අයුරින් ශ්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණය දියුණු තත්ත්වයකට පත්කිරීම සඳහා උරදෙන අතරම, මෙරට ආයතනවලට විනිවිදභාවය සහ මූල්‍ය වාර්තාකරණ වගකීම් වැඩිදියුණු කරගැනීම සඳහාද උපකාරී වන බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය වසරවල මෙන්ම මෙම වසරේද මෙම කීර්තිමත් සම්මාන උලෙළ තුළින් වාර්තාකරණයේ ව්‍යවස්ථාපිත සීමාවන්ද අභිභවා ගිය, ආයතනයේ මෙහෙයුම් හොඳින් පරාවර්තනය කෙරෙන වඩාත් සංසක්ත, පැහැදිලි හා ආයතනයට වඩාත් ගැළපෙන අයුරින් සැකසුණු වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන බවත්, මෙම තරගාවලිය බහුජාතික, සමූහ ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී වාර්ෂික වාරතා සකස් කරන ඕනෑම ආයතනයක් සඳහා විවෘත වන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.
.jpg)