ආසියානු සංවර් ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහුකාර්ය සංවර්ධන ආධාර මෙම වසරේ සිට දෙගුණ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එම බැංකුව මඟින් ණය සපයනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සිට වාර් ෂිකව ඇ.ඩො. මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ශ්‍රී විඩෝවති මහත්මිය ඊයේ (05දා) මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේදී හමුවී මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.