කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බිලියනකට අධික ජනතාවකට තමන්ගේ මිතුරන් සහ පවුලේ අය සමඟ සමීපව ඇසුරු කිරීමට නොහැකි වී තිබේ. නමුත් වෙන කවරදාකටත් වඩා අනිත් අය සමඟ සමීප සන්නිවේදනයක් ඇතිකරගැනීමට ඔවුන් වැඩි වැඩියෙන් WhatsApp ආදිය භාවිත කරයි. මේ ව්‍යසන සමයේදී තනිවී සිටින තමන්ගේ සමීපතම ඥාති හිතමිත්‍රාදීන් සමගWhatsApp භාවිත කර කතාබහ කිරීමට ජනතාව වැඩි වශයෙන් යොමුවී තිබේ. ඒ නිසාම WhatsApp හරහා එකිනෙකා අතර ඔබ සිදුකරන මැසේජ සහ ඇමතුම්වල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට කටයුතු කරමින් ඔබේ පෞද්ගලික සන්නිවේදනයේ සමස්ත ආරක්ෂාව සහතික කිරීම WhatsApp සිය වගකීම බව ප්‍රකාශ කරයි.
පසුගිය වසරේදී WhatsApp මගින් වැඩි වාර ගණනාවක් ෆෝවර්ඩ් වූ පණිවිඩ හඳුනාගැනීමේ සංකල්පය ජනතාව වෙත හඳුන්වාදෙනු ලැබීය. මෙම පණිවිඩ හඳුනාගැනීම සඳහා Double Arrows සලකුණක් ඇති අතර, ඒ මගින් මෙම පණිවිඩය තමන්ගේ සමීපතමයෙකු විසින් නිර්මාණය නොකරන ලද්දක් බවද හැඟවෙයි. බොහෝදුරට මෙම පණිවිඩ, WhatsApp එකෙහි සංසරණය වන බොහෝ පණිවිඩ සමඟ සාපේක්ෂව බැලීමේදී වැඩි වාරයක් ෂෙයාර් වූ මෙම පණිවිඩ ඉතා අඩු පෞද්ගලිකත්වයක් පෙන්නුම් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස එක චැට් වාරයක් අතරතුර මෙවැනි පණිවිඩයක් පැමිණිවිට එක් වරක් පමණක් ෆෝවර්ඩ් කිරීමේ අවස්ථාව WhatsApp විසින් හඳුන්වාදෙනු ලැබීය.
පෞද්ගලික පණිවිඩ යැවීම් සේවාවක් ලෙස සංවාදයන්වල සමීපකම සහ පෞද්ගලිකත්වය සුරැකීම උදෙසා තමන් විසින් විවිධ ආරක්ෂක පියවරයන් ගෙන ඇති බව ඔවුන් පවසයි. උදාහරණයක් ලෙස මීට පෙර අවස්ථාවලදී පණිවිඩයක් වෛරල්වීම අවමකිරීම සඳහා පණිවිඩ ෆෝවඩ් කිරීමේ සීමාවක් පැණවීමට කටයුතු කළ බවත්, මේ නිසා ගෝලීය වශයෙන් පණිවිඩ ෆෝවර්ඩ් වීම 25%කින් අවම වූ බවත් සඳහන් කරයි.
"ඇත්තටම සියලු ෆෝවර්ඩ් කිරීම්වල නරකක් තිබේද? ඇත්තටම නැහැ. වැඩි පිරිසක් වැදගත් තොරතුරු ඇති පණිවිඩ ෆෝවර්ඩ් කිරීම, වගේම විනෝදජනක වීඩියෝ, මීම්ස් සහ වැදගත්කම් ඇති ආගමික හෝ ආධ්‍යාත්මික පණිවිඩ ෆෝවර්ඩ් කිරීමට පෙළඹී සිටින බව WhatsApp අප හොඳින්ම දන්නා කාරණයක්. මේ මෑත සති කිහිපයේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවාවල යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ට සහාය ලබාදීමේ පොදු හමුවීම් සංවිධානය කරගැනීම සඳහා වැඩි වශයෙන් WhatsApp භාවිත කිරීමට ජනතාව පෙළඹී තිබුණා. එසේම, සාවද්‍ය තොරතුරු පතුරුවන සහ අනවශ්‍ය ලෙස අවධානයක් ලබාදෙමින් නිර්මාණය කළ පණිවිඩ පැතිරී යාමේ විශාල වර්ධනයක්ද මෑත කාලයේදී දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මෙවන් පණිවිඩ පැතිරීයාම අවම කළ යුතුබව WhatsApp ඉතා දැඩිව විශ්වාස කරන අතර පෞද්ගලික සංවාද පැවැත්වීමේ අවකාශයක් ලෙස වඩාත් විශ්වාසනීය පණිවිඩ යාන්ත්‍රණයක් ලෙස එය ක්‍රියාත්මක විය යුතු බව අපේ විශ්වාසයයි."
මෙම වෙනසට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විවිධ රාජ්‍ය සෞඛ්‍ය බලධාරී ආයතන 20ක් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ WhatsApp සෘජුව වැඩකරමින් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමටකටයුතු කරන බවද පෙන්වා දෙයි. මෙම විශ්වාසනීය මූලාශ්‍ර මඟින් මිලියන දහස් ගණනක නිවැරදි තොරතුර සහ නිවැරදි උපදෙස් ඒවා අපේක්ෂාවෙන් සිටින ජනතාව අතරට යැවීමට ඔවුන් ක්‍රියාකරන බවද පවසයි. එසේම මෙම ක්‍රියාවලිය පිළිබඳව ඔබට දැනුවත්වීමේ අවස්ථාව උදාකරගැනීම සඳහා මෙන්ම, ඔබට ලැබෙන සාවද්‍ය, මිත්‍යා සහ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා සියCoronavirus Information Hub එකේ ඇති Fact Checking Organizations වෙතට ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියි.
වෙනදාටත් වඩා වර්තමානයේදී මහ ජනතාවට සමීප සහ පෞද්ගලික සංවාද පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බව WhatsApp විශ්වාස කරන අතර, මෙම ගෝලීය අර්බුදය හමුවේ නොනවත්වා ඉතා උසස් අන්දමින් WhatsApp ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සිය පණිවිඩ සේවා කණ්ඩායම දැඩිව වෙහෙසෙන බවද පවසයි. ඒ අනුව ජනතා ප්‍රතිචාරයන්ට දිගින් දිගටම සවන්දෙන බව පවසන ඔවුන්, WhatsApp හරහා එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරගන්නා ආකාරය සාධනීය ලෙස වර්ධනය කිරීමට මෙම ප්‍රතිචාර ඔවුන්ට වැදගත් බවද අවධාරණය කරයි.