ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයා වන Visa සමාගම, "Visa Accelerator" වැඩසටහනේ සිව්වැනි අදියර දියත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන බව අද දින නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ Fintech ක්ෂේත්රයේ startups ආයතන සඳහා Visa සමාගමේ ගෙවීම් කටයුතු පිලිබඳ විශේෂඥයින් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදී එම ආයතනවල දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ. Visa Accelerator 2024 වැඩසටහන තුලින් කෘත්‍රිම බුද්ධිය (AI), ගෝලීය මුදල් චලනය සහ Loyalty of the Future, (අනාගත පක්ෂපාතිත්වය) , ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා digital භාවිතය සහ Embedded Finance වැනි නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
මෙම වැඩසටහන දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Visa ශ්‍රී ලංකා සහ මාලදිවයින හි දේශීය කළමනාකරු අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවේ, රටෙහි ඉදිරියට එන ගෙවීම් නවෝත්පාදනයන්ට Visa Accelerator වැඩසටහන හරහා ඔවුන්ගේ විසඳුම් බලගැන්වීම සඳහා ආරාධනා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.
Fintechs ක්ෂේත්රයේ startups ආයතන වල විසඳුම් වැඩිදියුණු කිරීමට සහ පරීක්ෂා කිරීම සඳහා අපගේ විශේෂඥයන් සමඟ වැඩ කිරීමට සුවිශේෂී අවස්ථාවක් මෙම වැඩසටහන මඟින් අපි ලබා දෙන්නෙමු. ධනාත්මක ගෙවීම් අත්දැකීම් හරහා බාධාවකින් තොරව, ආරක්ෂිත ලෙස මුදල් සංචලනය සක්‍රීය කිරීම මගින් ගෝලීය ගෙවීම් කටයුතු සඳහා නව විසදුම් හඳුන්වා දීම අපගේ අරමුණ වන බවද ඇය පවසා සිටියාය.
වර්ධන අදියරේ පවතින ආයතන සඳහා සකස් කර තිබෙන මෙම වැඩසටහන මඟින් ව්‍යාපාර සංකල්පය සංවර්ධනය කිරීම, නිෂ්පාදන විසඳුම් සහ වේගවත් වාණිජකරණය සඳහා නව දොරටු විවෘත කර එමඟින් ඔවුන් බලගන්වනු ලැබේ. ආසියා පැසිෆික් කලාපය හරහා තෝරා ගන්නා ලද ආයතන සඳහා ගෙවීම් ක්ෂේත්රයේ ඇතිවන අභියෝගවලට විසඳුම් ලබා දීමට හැකියාව ලබෙන අතර Visa ආයතනයේ ශක්තිමත් ජාත්‍යන්තර පදනම් තුල තම සංකල්පය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට හැකිවනු ඇත .
Visa Accelerator වැඩසටහන 2024 සඳහා අයදුම්පත් 2024 ජනවාරි මස 8වන දින විවෘත කල අතර එය 2024 මාර්තු මස 8 වන දින අවසන් වනු ඇත. තෝරාගත් අයදුම්කරුවන් 2024 මැයි මස සිට නොවැම්බර් මස දක්වා මෙම වැඩසටහනේ නිරත විය යුතු අතර එය ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන දිනයත් සමඟ අවසන් වනු ඇත. 2020 වසරේ දියත් කල Visa Accelerator වැඩසටහන starups ආයතන සඳහා පළපුරුදු උපදේශකයින්, අති නවීන තාක්ෂණය සහ ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර කිරීමට නොකඩවා සහාය ලබා දී ඇත.
මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහත සඳහන් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.visa.com.sg/apaccelerator