ශ්‍රී ලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මගින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් 'ට්‍රැවල් ෆෙස්ට්' (Sri Lankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර සඳහා 40%ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙමගින් ලොව පුරා ගමනාන්ත 35කට අධික සංඛ්‍යාවක් වෙත ඔබට රිසිසේ පියාසර කිරීමට අවස්ථාව උදාවන බවත්, ඉදිරියේදී පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහාද 25%ක විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට මෙම දීමනාව 2019 ජූලි මස 27දා සිට 2020 ජූලි මස 15 තෙක් වලංගු වන අතර ඔවුන්ට එම කාල සීමාව තුළ නිදහසේ ඕනෑම වේලාවක ගුවන් සංචාරයේ යෙදිය හැකි බව පෙන්වා දෙයි. එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිමැසුම් පන්තිය සඳහා ලබාදෙන විශේෂ දීමනාව දින 9ක් පමණක් ක්‍රියාත්මක වන අතර, එනම් 2019 ජූලි මස 20දා සිට 2019 ජූලි මස 28දා තෙක් ඔවුන්ට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම අවස්ථාව සැලසේ. ඒ අනුව, පිරිමැසුම් පන්තියේ ප්‍රවේශපත්‍ර මිලදීගත් ගුවන් මගීන්ට 2019 සැප්තැම්බර් මස 15දා සිට 2020 ජූලි මස 15දා දක්වා කාලසීමාව තුළ සිය සංචාරක කටයුතු සිදුකළ හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකන් 'ට්‍රැවල් ෆෙස්ට්' දීමනාව පිළිබඳව වැඩිදුර තොරතුරු www.srilankan.com/srilankan-travel-fest වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.