තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නවෝත්පාදකයන්ට ආරම්භක අවධියේ සිට ඉදිරියට ඒමට දිරිමත් කරන හා අනුග්‍රහය දක්වන Spiralation වැඩසටහන සඳහා 2023 වසර වෙනුවෙන් නව අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබේ.
https://bit.ly/Spiralation2023 සබැඳිය ඔස්සේ සම්බන්ධ වෙමින් අයදුම්පත් යොමු කළ හැකි අතර, අයදුම්පත් භාර ගැනීම මෙම මස 29 වැනි දායින් අවසන් වේ. ICTA විසින් සංවිධානය කරන Spiralation වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2010 වසරේදීය.
Spiralation සඳහා එක්වන නවෝත්පාදකයන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඉදිරියට ඒමට එම වැඩසටහන මහත් අත්වැලක් වී ඇති අතර, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩසටහන් අතර ඊට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි.
Spiralation මගින් නව්‍ය ව්‍යාපාරිකයන් (Startup) දැනුවත් කිරීම, නව ව්‍යවසායකයන් හඳුනාගැනීම, වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම, නව්‍ය ව්‍යාපාරිකයන් (Startup) සඳහා අරමුදල් සැපයීම සහ උපදේශනය මගින් ආරම්භක පරිසර පද්ධති (Startup Ecosystems) සංවර්ධනය සඳහා සහාය දක්වයි.
එමගින් මේ දක්වා සවිබල ගැන්වූ නව තොරතුරු තාක්ෂණ නවෝත්පාදකයන් සංඛ්‍යාව 130ක් ඉක්මවා ඇති අතර, Spiralation යටතේ සාර්ථක වන නවෝත්පාදකයන්ට Spiralation Demo Day වැඩසටහන හා එක් වීමට අවස්ථා උදාවෙයි. එහි විශේෂත්වය වන්නේ ඔවුන්ගේ නවෝත්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙන යෑමට අවකාශ සැලසීමය.
Spiralation වැඩසටහනෙහි උපායමාර්ගික සහකරු වශයෙන් බ්‍රැන්ඩික්ස් ලංකා කටයුතු කරන අතර, මෙවර පවත්වන ලද Spiralation Demo Day වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහයකයා වශයෙන් කටයුතු කළේ Bug Zero සමාගමයි.