නැවත වරක් විනෝදාත්මක මෙන්ම ත්‍රාසජනක කාර්ටින් අත්දැකීමක් නරඹන්නන්ට සහ ධාවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෙන දෙමින් SpeedStar 2023 දෙවැනි වටය SpeedBay @ Port City Colombo පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව අවසන් විය.
SpeedBay @ Port City Colombo විසින් සංවිධානය කරන පළමු රේසිං තරගාවලිය වන SpeedStar 2023 සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකමුතුවෙන් පැවැත්වුණු අතර මෙහි පළමු වටයේ තරග පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් විය.
සෑම තරග ඉසව්වකටම ජයග්‍රාහකයින් තිදෙනෙකු බැවින් තෝරා ගැනුණු SpeedStar මෙම තරග වටයද ඉතාමත් උණුසුම් තරග වටයක් විය.
ඩේවිඩ් පීරිස් සමූහයේ රේසිං අංශය වන ඩේවිඩ් පීරිස් සිටි ඩිවෙලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ පෝර්ට් සිටි පරිශ්‍රයේ පවත්වාගෙන යන SpeedBay @ Port City Colombo කාර්ටින් ධාවන පථය සුපුරුදු පරිදි මෙවරද ධාවකයින්ගේ පවුලේ අය සහ හිතමිතුරන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.
ධාවකයින්ගේ අධිෂ්ඨානශීලී සුපිරි ධාවන කුසලතාවන් එම රාත්‍රිය අමතක නොවන අවස්ථාවක් බවට පත් කළ අතර සියලු නරඹන්නන්ගේ අවධානය තරගය වෙත නොකඩවා ලබා ගැනීමට සමත් විය.
මෙම තරගාවලිය බර පන්ති 03කට අයත් වෘත්තීය සහ ආධුනික ලෙස කාණ්ඩ දෙකකින්ද කාන්තා තරග ඉසව්වකින්ද සමන්විත විය. තරගාවලියේ තෙවැනි සහ අවසන් වටය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.