නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාවය පළ කළේය.
මෙම වැඩසටහන මඟින්, පවතින අසීරු කාලසීමාව තුල අනුරාධපුර, ගාල්ල, යාපනය, මොණරාගල සහ නුවර එළිය යන ප්‍රදේශවල පිහිටි SOS ළමා ගම්මානවල ළමයින් 600කට අදික පිරිසකගේ, මාස 6ක ආහාර සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ‘Good food, Good life’ යන තේමාව යටතේ කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම සහාය වේ.
″මෙම අසීරු කාලයේදී අපගේ ප්‍රජාව වෙනුවෙන් අප සතු වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට අපි කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින්ට පෝෂණීය ආහාර පාන අඛණ්ඩව සපයන අතර, වඩා අත්‍යවශ්‍ය පුදගලයින් සඳහා අපගේ සහාය වැඩි කිරීමට අප කටයුතු කරන්නෙමු. මේ දිනවල ඇති අභියෝගාත්මක තත්ත්වය අප සෑම කෙනෙකුටම දැනෙන අතර, මින් දරුවන් වඩා අවදානමට ලක්ව ඇති පිරිසක් වෙනවා. එවන් පසුබිමක, අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් දැඩි වෙහෙසකින් කටයුතු කරන SOS ළමා ගම්මාන වෙත අපගේ සහාය ලබාදීමට හැකිවීම අපට විශාල අභිමානයක්. සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් සඳහා වෙහෙසෙන ගෞරවනීය සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා” යනුවෙන් නෙස්ලේ ලංකා කළමණාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
″නෙස්ලේ ලංකා සමාගම ආයතනික සහකරුවෙක් ලෙස SOS ළමා ගම්මාන සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව මහත් සේ සතුටට පත්වේ. මෙවන් අසීරු කාලසීමාවකදී SOS ළමා ගම්මානවල රැකවරණය ලබන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම වැනි ආයතනික සහකරුවන් අපට ලබාදෙන දායකත්වය මා හෘදයාංගමව අගය කරනවා. එමෙන්ම, නෙස්ලේ ලංකා ආයතනය සමඟ දිගුකාලීන සබඳතාවක් පවත්වා ගැනීමටත්, දරුවන්හට සතුට සහ සෞඛ්‍යසම්පන්න බව රැකුණු ළමා වියක් අත්කර දෙමින් සමාජයට ධනාත්මක දායකත්වයක් සැපයීමටත් හැකිවනු ඇතැයි මා අපේක්ෂා කරනවා″ යනුවෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා සඳහන් කළේය.
‘ආහාර මගින් අද මෙන්ම අනාගත පරපුරෙහි ජීවන ගුණාත්මකභාවය ඉහළ නැංවීම’ යන සමාගමේ අරමුණ ඔස්සේ නෙස්ලේ සමාගම උසස් තත්ත්වයේ ආහාර පාන මගින් පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයින්, මුල් ළමාවියේ සිට වැඩිහිටි අවදිය දක්වා පෝෂණය කර ඇත. 1906 වසරේ දී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ සමාගම, 25,000කට අදික කිරි ගොවීන්, පොල් වගාකරුවන් සහ ගෙවතු වගාකරුවන් මෙන්ම, 800කට අදික ඍජු රැකියා ලබාදෙමින් අද වනවිට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවීතයට මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායට දායකත්වය ලබාදෙයි. මෙරට අලෙවි කරන 90%ට වඩා වැඩි නෙස්ලේ නිෂ්පාදන ප්‍රමාණයක්, සමාගමේ කුරුණෑගල පිහිටි කර්මාන්තශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ තත්ත්ව පාලනයෙන් යුතුව නිෂ්පාදනය කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ අධ්යක්ෂ (අරමුදල් සංවර්ධන සහ සන්නිවේදන) ගයන්ත දල්පදාදු මහතා, එහි ජාතික අධ්යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා සහ නෙස්ලේ ලංකා සහකාර උප සභාපතිනී (සන්නිවේදන) රාධිනී ද කොස්තා මහත්මිය සහභාගී වූහ.