කුඩා ව්‍යාපාරවලට උපකාර කිරීමටත්, ශ්‍රී ලාංකේය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමටත් එක්සත් ජනපදය රු.බිලියන 3.6ක නව මුලපිරිමක් දියත් කර තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා අරමුදල් සපයනු ලබන මෙම පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සංචාරක, තාක්ෂණ සහ වාණිජ රැකවරණ සේවා යන කර්මාන්තවල නියැලෙන කුඩා ව්‍යාපාරවලට තාක්ෂණික සහාය හා මූල්‍යකරණය ලබාදෙන බව කියයි.
එසේම කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා පුළුල් කිරීමටත්, වඩාත් යහපත් ව්‍යාපාර පරිචයන් මාර්ගයෙන් ලාභ වැඩිකර ගැනීමටත් මග පාදනු ඇති මෙම මූල්‍ය සහාය මගින්, කොවිඩ්-19 තත්ත්වය හමුවේ ආර්ථික බලපෑම්වලට ශක්තිමත් මුහුණදීමටද ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙනු ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.