රු.මිලියන 300 දක්වා ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීමෙන් වෙන්දේසි කිරීම සඳහා නියමවී ඇති , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජය නියෝග කර තිබේ.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ මෑතකදී ක්‍රියාත්මක කළ බදු ප්‍රතිසංස්කරණයේ මූලික පියවරක් ලෙසිනි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගාසිටුවමින් මෙරට ආර්ථික වර්ධනය සියයට හය දක්වා ඉහළ නැංවීම සඳහා රජය නව වැඩපිළිවෙළක් දියත් කර ඇත.
බදු ප්‍රතිසංස්කරණ එහි පළමු පියවර වූ අතර දෙවැනි පියවර ලෙස - ණය ගොවාගත් නොහැකි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසිය අත්හිටුවීමත් , තුන් වන පියවර ලෙස ඔවුන්ට වෙනත් ව්‍යාපාරික සහන ලබාදීමත් යෝජිත වී ඇත.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහන්ද රාජපක්ෂ මහතා විසින් සියලු බංකු සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිළධාරින්ට ඊයේ නියෝග කර සිටියේ වෙන්දේසි කිරීම සඳහා නියමවී ඇති , අදාල දේපළ වෙන්දේසිය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසයි.
මෙම තීරණය සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කර්මාන්තය නගා සිටුවීමටද ඉවහල් වන බව රජය පවසයි.