කොවිඩ්-19 වසංගතය හමුවේ, ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ නාරාහේන්පිට හමුදා රෝහලට පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) පසුගියදා පරිත්‍යාග කරන ලදී.
දැනට පැතිරෙමින් පවතින කොවිඩ්-19 වසංගතය මැඬලීමේ කටයුත්තට සඳහා දායක වීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම පරිත්‍යාග සිදුකර ඇති අතර, කොවිඩ්-19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල වඩාත් වැදගත් වන බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා විසින්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත එම උපකරණ කට්ටල භාරදුන් බව ඔවුහු වැඩිදුරටත් පවසති.