දකුණු ආසියානු කලාපයේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල විද්‍යුත් වාණිජ්‍ය පදනම් කරගත් කලාපීය වැඩමුළුව (SAARC-CCI) පසුගියදා කොළඹදී සාර්ථකව නිමාවට පත්විය.
මෙම කලාපීය වැඩමුළුව, දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් මහතා ප්රමුඛව රටවල් 20ක පමණ නියෝජිතයන් සහභාගී වූහ. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වූ අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා,
"කලාපයේ වෙළෙඳාම හා වෙළෙඳ ගනුදෙනු ඉහළ නැංවීම සඳහා සාක් කලාපයේ රටවල් ඉහළ තාක්ෂණය භාවිත කරමින් කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ මගින් වේගයෙන් සංවර්ධනය වන කලාපයක් ලෙස වෙළඳාමේ ඉහළ විභවයක් පවතිනවා. මේ නිසාම දකුණු ආසියාතික ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳාමට හා ආයෝජනයට ඉතා හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ නිසා රාජ්‍යයන් විද්‍යුත් වාණිජ්‍යයට මුල පිරීම සඳහා නීතිමය, මූල්‍යමය, ප්‍රවර්ධන හා ටෙලි සන්නිවේදන යටිතල පහසුකම් කඩිනමින් ලබාදිය යුතු වෙනවා. මේ අභියෝග ජයගනිමින් විද්‍යුත් වාණිජ්‍ය හා දකුණු ආසියාවේ රටවල් සඳහා ඉහළ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ලබාදිය යුතුයි. එබැවින් මගේ අමාත්‍යාංශය SAARC-CCI නිලධාරීන් සමග දිගින් දිගටම සබඳතා පවත්වාගනිමින්, සාකච්ඡා කරමින් මේ ප්රතිලාභ ලබාගැනීමට කටයුතු කරනවා. මේ මගින් අපගේ වෙළෙඳ හා ආර්ථික සංවර්ධනය අත්පත් කරගත හැකි සෑම වාසිදායක තත්ත්වයක්ම ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, 2016 දී ශ්‍රී ලංකා විද්‍යුත් වාණිජ්‍ය අංශයේ මුළු වෙළෙඳාම ඇ.ඩො.මිලියන 8ක් වුණා. 2020 වනවිට ඇ.ඩො.බිලියන 4ක් දක්වා එය ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා" යැයි පවසා සිටියේය.