කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාමයක් වන S-lon ලංකා පුද්ගලික සමාගම පසුගියදා පැල්මඩුල්ල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවලදී ප්‍රාදේශීය ජලනළ කාර්මිකයන්ගේ සමාජ වැඩසටහන් තුනක් පවත්වන ලදී. නොවැම්බර් 9 වැනිදා පැල්මඩුල්ල සිල්වර් රේ හෝටලයේදීත්, නොවැම්බර් 11 වැනිදා අම්බලන්ගොඩ සී බ්‍රීස් හෝටලයේදීත්, නොවැම්බර් 30 වැනිදා ගාල්ල ආරාධනා හෝටලයේදීත් මෙම වැඩසටහන් පැවැත්වි‚.
කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ එස්.සී. වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2001 ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවන ලද S-lon ජලනළ කාර්මික සමාජය නවීන ජලනළ කර්මාන්තය ආශ්රිත දැනුම, තාක්ෂණය සහ ප්රමිතීන් වැඩිදියුණු කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ජලනළ කාර්මික වෘත්තියේ සමාජ පිළිගැනීම නංවාලීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලදී.
පසුගිය දශක දෙක තුළ මෙය ක්‍රියාකාරී සාමාජිකයින් 8,000 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර ඔවුහු S-lon ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ප්‍රායෝගික සහ න්‍යායික දැනුම පදනම් වූ සැසිවලින් ප්රතිලාභ ලබන අය වෙති . මෙම වැඩසටහන් වත්මන් වෙළඳපොලේ හඳුනාගත් නව ප්රවණතා, අවස්ථා, අභියෝග සහ සුදුසුකම් ගවේෂණය කරයි.
එහි අවසාන ඉලක්කය වන්නේ ජලනළ කාර්මිකයන්ගේ වෘත්තීය සහ පුද්ගලික තත්වයන් වැඩිදියුණු කිරීමට අමතරව දේශීය ජලනළ කර්මාන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීමයි. NAITA ලබාදෙන NTT (ජාතික වෘත්තීය පරීක්ෂණය) සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) හරහා S-lon ජලනළ කාර්මිකයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් වර්ධනය කිරීම සහ වෘත්තීය පිළිගැනීම වැඩි දියුණු කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය සහ සහාය ලබා දෙයි.
මීට අමතරව S-lon ජලනළ කාර්මිකයන්ගේ සමාජය එහි සාමාජිකයින් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් පිරිනමයි. මෙමඟින් ඔවුන්ගේ අනාගතය සඳහා ඉතිරි කිරීමේ පුරුද්දක් ඇති කරන අතර, අනතුරු හා අභාවයන්හිදී එය ඔවුන්ට උපකාර කිරීම සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරනු ඇත.S-lon විසින් ජලනළ කාර්මික සාමාජිකයින්ගේ දරුවන් සඳහා ˜නැණ සවිය˜ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී. මෙමඟින් 5 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වන දරුවන්ට උසස් පෙළ දක්වා මූල්‍ය ආධාර ලැබේ.
මෑතකදී අවසන් කරන ලද සියළුම වැඩසටහන් නියමිත සෞඛ්යාරක්ෂිත රෙගුලාසි යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සමඟ එක්ව පවත්වන ලදී. එම උත්සවයක් අමතමින් කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ S.C. වීරසේකර මහතා සඳහන් කළේ, "දේශීය කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස කර්මාන්ත ප්රමිතීන් අඛණ්ඩව දියුණු කිරීමටත්, නවීන කාලයට අනුවර්තනය වන පරිදි මෙම වෘත්තිය දියුණු කිරීමටත් අපට යුතුකමක් තිඛෙනවා" යනුවෙනි.
ප්‍රදේශයේ ජලනළ කාර්මික ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගය සහ මැදිහත්වීම පිළිබඳව ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සමාගමේ උත්සාහය ඔවුන්ගේ වෘත්තිය නඟා සිටුවීමට සහ ඉහළ මට්ටමකට ගෙන යාමටත් එම වෘත්තිකයන් විසින් එය සාක්ෂාත් කර ගැනීම සතුටට කරුණක් ලෙසය. ජලනළ කාර්මිකයන් පරිසරය ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ඨ කර්තව්‍යයක් ඉටුකරතිි. පයිප්ප හා උපාංග සවි කිරීම් නුසුදුසු ලෙස හැසිරවීම සහ ස්ථාපනය කිරීම නිසා පිරිසිදු ජලය සහ පිරිසිදු වාතය දූෂණය වන අතර එමගින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට බලපෑම් ඇති කරයි. එබැවින් ජලනළ කාර්මිකයන්ගේ දැනුම හා තාක්ෂණය දියුණු කිරීම රටේ පැවැත්ම සඳහා ප්‍රධාන සාධකයක් වේ. අනෙක් අතට, සමාජ පිළිගැනීම සහ සමාජ ගෞරවය ලබා දීම, ජලනළ කාර්මික ප්‍රජාව සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීම සමස්ත ජලනළ කර්මාන්තයටම වැදගත් වේ.
නිෂ්පාදන සංවර්ධන කළමනාකරු සහ S-lon ජලනළ කාර්මික සමාජයේ කළමනාකාර මොහොමඩ් ශිරාස් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ S.C. වීරසේකර මහතා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන් පැවැත්වි‚. මේ සඳහා සහභාගී වූ අනෙකුත් S-lon හි නියෝජිතයන් අතරS-lon ලංකා පුද්ගලික සමාගමෙ හි ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් අමරසිංහ, විකුණුම් කළමණාකරු සනත් චාමින්ද, විකුණුම් සේවා සහ සංවර්ධන කළමනාකාර ප්‍රසන්න චන්ද්‍රසේකරන්, සන්නාම කළමනාකාර මොහොමඩ් රිස්නි යන මහත්වරුන් සහ S-lon ප්‍රාදේශීය අළෙවි නියෝජිතයන් ඇතුලත් වූහ. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිලධාරීහූ කිහිප දෙනෙක් ද මෙම වැඩසටහන් සඳහා සහභාගී වූහ.
පැල්මඩුල්ල S-lon ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයේ ප්‍රියන්ත වැලිවත්ත, මලින් වැලිවත්ත සහ පැලමඩුල්ල ප්‍රාදේශීය ලේකම් D.S.G. රුවන්සිරි යන මහත්වරු පැල්මඩුල්ලේ පැවති වැඩසටහනට සහභාගී වුහ.
අම්බලන්ගොඩ වැඩසටහන සඳහා හික්කඩුව S-lon ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයේ අනිල් යුවනත් සහ නන්දන PVC (පුද්ගලික) සමාගමේ නන්දන ජීව යන මහත්වරු සහභාගී වූහ .
ගාල්ලේ පැවති වැඩසටහනට ගාල්ලS-lon ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයේ රනු කරුණාසේකර සහ දකුණු පළාත් ඉංජිනේරු සේවා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් K.P. වික්‍රමගේ මහත්වරු සහභාගී වූහ .
1957 දී පිහිටුවන ලද S-lon වෙළඳ නාමය මඟින් පුළුල් පරාසයක ජලනළ සහ උපාංග, වැසි ජලය බැහැර කිරීමේ පද්ධති, මළාපවහන නළ සහ උපාංග, උණු වතුර ජලනළ සහ උපාංග, බොල් වෑල්ව්, ප්ලාස්ටික් ජල කරාම, වතුර පොම්ප, ආවරණ වැටදැල්, conduit සහ trunking, ක්‍රෝම් ආලේපිත කරාම සහ උපාංග සහ සෙවිලි තහඩු ඇතුළු විවිධ ජල කළමනාකරණ විසඳුම් රැසක් නිර්මාණය කර ඛෙදා හරිනු ලැබේ.