ශ්‍රී ලාංකේය ඇඟලුම් නිෂ්පාදකයන්ට එක්සත් ජනපදය වෙත පුද්ගලික ආරක්ෂක උපකරණ අපනයනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාදී තිබේ.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමග එක්ව පවත්තවන ලද මෙම වැඩසටහනට කර්මාන්ත නියෝජිතයන් 100කට අධික පිරිසක්, එක්සත් ජනපද වෙළෙඳ පොළට පිවිසීම සඳහා ඔවුන් සූදානම් කරමින් අන්තර්ජාලය හරහා පවත්වන සාකච්ඡා (වෙබිනාර්) දෙකක් ඇතුළත් වූ බව කියයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත්ත ජනපද නියෝජිතායතනයන් අරමුදල් සපයන ලදුව, Deloitte Consulting වෙතින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.