තරුණ පරපුරේ හඬ අවදි කරවීම සහ සමාජය හා එහි අනාගතය හැඩගැස්වීමෙහිලා තරුණ පරපුර වෙතින් ලැබෙන දායකත්වය පුළුල් කිරීමට දායක වීම අරමුණු කරගත් Next Generation Sri Lanka පර්යේෂණයේ වාර්තාව එළිදකී.
බ්‍රිතාන්‍ය කවුසිලය සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය එක්ව සිදුකළ මෙම පර්යේෂණයේ වාර්තාව එළිදැක්වීම පසුගියදා Lighthouse Auditorium and Lawns හිදී උත්කර්ෂවත් ලෙස සිදුවිය.
අනාගත පරපුර වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය ලොව පුරා ක්‍රියාවට නංවන වැඩසටහන්වල එක් අදියරක් ලෙස Next Generation ජාත්‍යන්තර පර්යේෂණ මාලාව පැවැත්වේ. මෙය වසර 10ක කාලයක් පුරා මේ වනවිට සාර්ථක ලෙස ක්‍රියාවට නංවා ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග අත්වැල් බැඳගෙන ඇත. එමෙන්ම ආචාර්ය රධිකා කුමාරස්වාමි, මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය නවරත්න බණ්ඩාර, නීලා මරික්කාර් සහ සචින්ද දුලාංජන යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥයන් පිරිසක්ද මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති කණ්ඩායමට සහයෝගය ලබාදී තිබේ. එමෙන්ම, මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා විසිනි.
දිවයිනේ විවිධ විවිධ ස්ථානවල පදිංචි තරුණ තරුණියන් 2,636 දෙනෙකු තෝරාගෙන, ඔවුන්ගේ අනන්‍යතාව, අධ්‍යාපනය, රැකියා නියුක්තිය, ප්රචණ්ඩත්වය සම්බන්ධ අත්දැකීම්, දේශපාලනය, සාමය, සංහිඳියාව සහ අනාගතය වැනි කරුණු සම්බන්ධයෙන්, මිශ්‍ර ක්‍රමවේදයක් භාවිතයක් භාවිතයෙන් පර්යේෂණය සිදුකර ඇත.
ඉදිරියේදී, මෙම පර්යේෂණය මගින් හඳුනාගත් කරුණු සියලු පාර්ශ්වයන් වෙත සන්නිවේදනය කිරීම සඳහා සර්වෝදය මගින් පළාත් මට්ටමින් සංවාද සැසි 9ක් සංවිධානය කර තිබේ. ඒ අනුව, Next Generation Sri Lanka පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරිපත් වී ඇති මූලික නිර්දේශය වන්නේ, තරුණ පරපුර වෙනුවෙන්, රජයේ පිටුබලය සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමය. අදාළ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් පාර්ශ්වකරුවන් එකී මෙහෙවරෙහි ඉදිරි පියවර සඳහා දායක වෙමින්, තරුණ පරපුරට වඩාත් යහපත් හා අර්ථවත් අනාගතයක් උදාකර දීම සඳහා දායක වනු ඇතැයි පර්යේෂණයට සම්බන්ධ වූ සියලුම පාර්ශ්ව අපේක්ෂා කරයි.