NSBM හරිත සරසවියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එම ආයතනය මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකටම සහභාගී වීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා කටයුතු කර ඇත.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍යවරයා NSBM ශ්‍රවණාගාරයේදී එහි ආචාර්යවරුන් හා සිසුන් සහභාගී වූ සුහද හමුවකටද සහභාගී වී තිබේ. එමෙන්ම, “චතුර්විධ මංපෙත්” නමින් පාසල් සිසුන්ගේ සංවර්ධනය සඳහා සංවිධානය කරන විශේෂ සමාජ සද්ව්යාපාරයක්ද අමාත්‍ය වරයා වෙත හඳුන්වා දෙනු ලැබූ අතර, අනතුරව සරසවියේ පහසුකම් නිරීක්ෂණය කිරීමක්ද සිදුව තිබේ.
එසේම සිසුන්ට උපාධිය හදාරන අතරතුර සරසවිය තුළම සේවා පුහුණුව ලබාදීමට පිහිටුවන ලද දිවයිනේ ප්රමුඛ පරිගණක ආයතන තුනක කාර්යාල තුනක්ද විවෘත කර ඇත. එමෙන්ම, NSBM උපාධි පාඨමාලා සඳහා වෘත්තීයමය පිළිගැනීමක් ලබාදීමට CIMA සහ ACCA ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට මෙහිදී අත්සන් තැබීම සිදුව තිබේ. එසේම හරිත සරසවියේ පහසුකම් හා සේවා ඇමතිවරයාගේ පැසසුමට ලක්වූ බවද සඳහන් වෙයි. එමෙන්ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් සංවිධානය කළ රුක් රෝපණ කිරීමක්ද අමාත්‍යවරයා අතින් සිදුව ඇති අතර, උපකුලපතිවරයා විසින් අමාත්‍යවරයාට විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, NSBM නව සභාපති පී.රණේපුර, උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ, මහචාර්ය භාරත දොඩම්කොටුව, නියෝජ්‍ය උපකුලපති චමින්ද රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.