මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ එක්සත් ජනපදයට කිසිදු ඉඩමක අයිතිය හෝ බදු දීමක් සිදු නොවන බවත්, අවුරුදු 5ක ප්‍රදාන ආධාර ගිවිසුම ක්‍රියාත්මක කාලය පුරාවටම, අරමුදල් සපයන ව්‍යාපෘති සියල්ල ශ්‍රී ලංකාව විසින් අධීක්ෂණය හා කළමනාකාරණය කරනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංවර්ධන ආධාර ප්රදානයේ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කළේය.