යෝජිත MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ.
මෙම විද්වත් කමිටුව පත්කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසිනි.
ගිවිසුම සම්බන්ධයෙන් එහි අන්තර්ගතය හා එහි තිබිය හැකි බලපෑම් සම්බන්ධයෙන් යම් ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් සහ තොරතුරු, ඇගයීම් හෝ යෝජනා විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව මේ අනුව හිමි වෙයි.
එලැඹෙන පෙබරවාරි මස 15 වැනි දිනට පෙර සභාපති MCC ගිවිසුම අධ්‍යයනය සඳහා වු කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 03 යන ලිපිනයට තැපැල් මගින් අදහස් දැක්වීමේ අවස්ථාව පවතින අතර [email protected] යන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් මගින් හෝ අදහස් දැක්වීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඉදිරිපත් කරන අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ අවශ්‍යතාවක් ඇතැයි කමිටුව තීරණය කරන්නේ නම් කමිටුව ඉදිරියේ අදහස් දැක්විමේ අවස්ථාවක් ලබාදීමටද තීරණය කර තිබේ.
එම නිසා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නන්ගේ හෝ ආයතනවල සම්බන්ධීකරණ දුරකථන අංක, තැපැල් ලිපිනය, විද්‍යුත් ලිපිනය සදහන් කර එවන ලෙසද කමිටුව ඉල්ලීමක් කර ඇති අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.