ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 480ක ප්‍රදානයක් හිමිවෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන සතුටට පත්වන බව එක්සත් ජනපදය පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ඊයේ (29දා) මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයද මෙසේ සිය සතුට පළ කර ඇත.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්රදානය යටතේ කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නුදුරේදීම මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවත්, 2020 සිට ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.