විශාල පරිමාණ පස් අවුරුදු ආධාර වැඩසටහනක් වන යෝජිත මිලේනියම් චැලෙන්ජ් ආධාර ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කිරීම සඳහා එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලෙන්ජ් ආයතනයේ (MCC) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නාෂ්ගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකිකයන්ට සෙත සලසන සියල්ලන්ම ඇතුළත් වන ලෙස ආර්ථික වර්ධනය කරන මෙම වැඩසටහන මිලේනියම් චැලෙන්ජ් ආයතනය සකස් කරන්නේ ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම සංචාරය තුළදී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාෂ්, අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති මංගල සමරවීර හා විදේශ ලේකම් ප්‍රසාද කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවී තිබේ.