LANKAPAK 2019 ඇසුරුම්කරණ ප්‍රදර්ශනය ඊයේ (11දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අතින් ප්‍රදර්ශනය විවෘත වූ අතර, මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම අවස්ථාවට සහභාගී විය. ප්‍රදර්ශනය හෙට (13දා) දිනෙන් අවසන් වෙයි.
ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ, ආසියානු ඇසුරුම් සංසදයේ සභාපති රොහාන් වික්ටෝරියා, CDC Events කළමනාකාර අධ්යක්ෂ ඉම්රාන් හසන් සහ ඉන්දියාවේ PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් රාකේෂ් සාරංගී යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනයට PHD වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගය ඇතිව ඉන්දියානු සමාගම් 40ක් පමණ සහභාගී වූ අතර, CDC Events මෙය සංවිධානය කර තිබුණි.